Pages

Wednesday, March 15, 2017

Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials

Java සිංහලෙන් ඉගන ගනිමු – Sinhala Java Tutorials


පරිගණක මෘදුකාංග නිර්මාණය කීරීම සදහා වර්තමානයේ බහුලව භාවිතා කරන පරිගණක භාෂාවක් ලෙස Java හැදින්විය හැක. මෙම ලිපිය මගින් අපි ඔබට නොමිලේම Sinhala Java Tutorials download කර ගත හැකි වෙබ් අඩවි පිලිබදව හදුන්වා දෙනවා.

Java Features

1. Platform Independent
2. Object Oriented
3. Robust
4. Distributed
5. Simple
6. Small
7. High Performance
8. Portable
sinhala java tutorials

Sinhala Java Tutorials

1. Gurulk
Gurulk අඩවිය මගින් ඔබට java මුල සිටම සිංහලෙන් ඉගන ගත හැකිය. ඔබ java ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක්නම් java ඉගන ගන්න හොදම තැන තමා Gurulk වෙබ් අඩවිය. ඔහුන් ඔබට video පාඩම් මාලා 32ක් මගින් java වල මුලික කරුණු ඉගන ගන්න සලස්වා ඇත. ඒ වගේම Java Programming With Eclipse IDE නමින් තවත් Video පාඩම් මාලා 22ක් ඔබට තිලිණ කර ඇත.
2. Kuppiya
Kuppiya වෙබ් අඩවිය මගින්ද ඔබට java සහ oop සදහා හැදින්වීමක් වගේම Netbeans යොදාගෙන java වලින් නොයෙකුත් නිර්මාණ කරන ආකාරයද ඉගන ගත හැකිය.

සිංහල බ්ලොග්කරුවන් java ගැන ලිය ඇති ලිපි

1. Nico-creations බ්ලොග් අඩවිය මගින් ඔබට වටිනා java සම්බන්ද eBook එකක් නොමිලේම download කරගන්න ඉඩ ලබා දී ඇත.
2. Learn JAVA සිංහලෙන් බ්ලොග් අඩවිය මගින් java සම්බන්ද ලිපි පෙළක්ම ඔබට ලබා දී ඇත.

Android වලට ඇති හොදම Free VPN එක කුමක්ද.....?



Android වලට ඇති හොදම Free VPN එක 

කුමක්ද........?

ශ්‍රී ලංකික ඔබට පිවසිය නොහැකි වෙබ් අඩවි විශාල ගණනක් තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියාවේ රට වලට තහනම් කර ඇති විදේශ වෙබ් අඩවි වර්ග තිබෙනවා.  ඔබගේ Android දුරකථනය හරහා මේවාට පිවසිය හැකි පහසුම ක්‍රමය තමයි VPN එකක් භාවිතා කිරීම....

Opera VPN

එහින් Connect යන Button එක Click කිරීම පමණයි ඔබ කල යුත්තේ.
ඉන් පසු Warning Message එකක් දිස් වේ. එයට අනුමැතිය ලබා දුන් පසු ඔබ කැමති Chrome වගේ ඔබගේ දුරකතනයේ ඇති Web Browser එකකින් අන්තර්ජාලයට සම්බන්ද විය හැකිය. මීට පෙර ඔබට පිවසීමට නොහැකි වී තිබුණු වෙබ් අඩවි වලට දෙන පහසුවෙන් ඔබට පිවසිය හැක,
Opera VPN එක එකට මේ වෙන විටත් 4.4 Rating එකක් සමග මිලියනකයකට වඩා Downloads තිබෙනවා. මීට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ Opera VPN වල ඇති වේගවත් බවයි. බොහෝ VPN භාවිතා කිරීමේදී අන්තරජාලය මන්දගාමී වෙන බව ඔබ අත්දැකලා ඇති. නමුත් Opera VPN වල එසේ නොවේ. නමුත් මේ App එක Torrents සදහා මෙය සහය නොදක්වන බව ඔහුන්ගේ අඩවියේ සදහන් කර ඇත.

Monday, March 13, 2017

ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද වෙන්නේ?


ඔබ මැරුනොත් ඔබගේ Facebook Account එකට මොකද වෙන්නේ කියලා ඔබ කවදා හරි හිතුවද? ඔබ මැරුනොත් ඔබේ Facebook Account එක කාට හරි අයිති වෙනවද? එසේ නැත්තම් එය ටික කාලෙකින්Delete වෙනවද?

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබ අනිවාර්යෙන් සිතිය යුතු දේවල් 5ක්

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබ අනිවාර්යෙන් සිතිය යුතු දේවල් 5ක්

ඔබ සමහර විට වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් වෙබ් අඩවියක් අවශ්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. එම කොටස් දෙකටම මෙම ලිපිය වැදගත් වෙයි.
අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරලා දෙන්න කියල කිව්වම අපි අනිවාර්යෙන්ම කරන දේවල් 5 ක් ගැන තමයි මෙහිදී සදහන් කරන්නේ....

වෙබ් අඩවියේ අරමුණ

වැදගත්ම දෙය තමයි වෙබ් අඩවියේ අරමුණ මුලින් තේරුම් ගැනීම. උදාහරණයක් විදියට Hotel එකෙක් හිමි අයෙක් ඔහුගේ Hotel එක සදහා වෙබ්   අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා ඔබ වෙත පැමිණියා කියල හිතමු. මුලින් ඔහු එක්ක කතා කරලා ඔහුට අවශ්‍ය දෙය කුමක්ද කියලා හදුනාගන්න ඕනේ.
Hotel එක Promote කිරීම ඔහුගේ එක අරමුණක් වෙන්න පුළුවන්. Website එක හරහා Online Orders ලබා ගැනීම තව අරමුණක් වෙන්න පුළුවන්. සමහර විට නොයෙක් හේතු නිසා Online Orders ඔහුට අවශ්‍ය නොවෙන්න පුළුවන් . සමහර විට නමට වෙබ් අඩවියක් පමණක් තිබීම ඇති වෙන්න පුළුවන්.
එම නිසා වෙබ් අඩවියක් අවශ්‍ය කෙනාගේ  අරමුණ මුලින් දැනගැනීම වැදගත්. විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්ගෙන් Hotel එකක් සදහා  වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම සදහා මිලක් ඇහුවම ඔහු එක පාරම රුපියල් 30,000, 50,000, 100,000  වගේ කියනවානම් ඔහුගෙන් ඈත් වීමයි නුවනට හුරු. වෙබ් අඩවිය අවශ්‍ය කෙනාගේ අරමුණ තේරුම් ගන්න කලින් මිලක් නියම කරන්න බෑ. කව්රු හරි කෙනෙක් එහෙම  කරනවානම් එකේ තේරුම  ඔහු වෙබ් අඩවිය අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ දෙන්නේ නෑ කියන එකයි.

Mobile Friendly

බිලියන 4 කට වඩා වැඩි පිරිසක් Mobile Phones භාවිතා කරනවා. එහින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කිරීම සදහා Mobile Phones භාවිතා කරනවා. ඔබගේ වෙබ් අඩවිය Mobile Phones සදහා සහය දක්වන්නේ නෑ කියන එකේ තේරුම ඔබ පැමිණෙන්න තිබෙන විශාල අදායමක් නැති කරගන්නවා වගේ වැඩක්.

SEO Friendly

ප්‍රධාන වශයෙන් SEO කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ On-Page Optimization සහ Off-Page Optimization වශයෙන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේද ඔබ On-Page Optimization ගැන අනිවාර්යෙන්ම සිතිය යුතුය.
වැදගත් : On-Page Optimization යනු Title Tag එක Meta Tag එක දැමීම පමණක් නොවේ. ඊට වඩා විශාල පරාසයක් දක්වා On-Page Optimization විහිදිලා තිබෙනවා.
මේ බ්ලොග් එකේම SEO සම්බන්ද ලිපි කිහිපයක් තිබෙනවා.
ඒ වගේම ඔබට SEO ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න අවශ්‍ය නම් අපගේ  Workshop එකකට සම්බන්ද වෙන්න පුළුවන්.

Target Audience

මෙම වෙබ් අඩවිය සදහා ගේනවා ගත යුත්තේ මොන පිරිසද ගැන හොද දැනුමක්ද ඔබට තිබිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ IT Institute (SLIIT, NSBM වැනි) එකකට වෙබ් අඩවියක් හදනවානම් ඔබගේ Target Audience එක වෙන්නේ OL, AL අවසන් කරපු සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන්. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී එයත් වැදගත්.

Coding Standards

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ලෝකයේ පිළිගෙන ඇති සම්මතයට Code කිරීම ඔබ සිදු කල යුතුමය. ඔබ ඔබට ඕන ඕන විදියට Code කරන්න ගියොත් ඔබගේ වෙබ් අඩවිය SEO වලට සහය නොදැක්වීමට ඉඩ ඇති අතර වෙබ් අඩවිය Update කිරීමටද ඉතා අපහසුය.

Sunday, March 12, 2017

Sinhala Facebook Photo Comment 1000+

Sinhala Facebook photo Comment


Facebook කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම Social Network එකයි. ඒ ගැන අවිවාදයකින් තොරව කවුරුත් පිලිගන්නවා.

PHP සිංහලෙන් ඉගන ගනිමු – Sinhala PHP Tutotials

PHP සිංහලෙන් ඉගන ගනිමු – Sinhala PHP Tutotials


PHP කියන්නේ server-side scripting language එකක්. හොදම server-side scripting language එක ලෙසද PHP හැදින්විය හැක. මේ වෙන විට වෙබ් අඩවි ලෝකයේ ප්‍රධානතම වෙබ් අඩවි වන Google,Yahoo,Facebook,Wikipedia වැනි අඩවිද PHP භාවිතා කරයි. එයින්ම ඔබට තේරුම් ගන්න පුළුවන් PHP කියන්නේ මොන තරම් ප්‍රබල server-side scripting language එකක්ද කියලා...



Sinhala PHP Tutorials

1. Gurulk

PHP සිංහලෙන් ඉගන ගන්න අවශ්‍ය නම් ඊට හොදම අඩවිය ලෙස Gurulk අඩවිය හැදින්විය හැක. මෙම ලිපිය ලියන අවස්ථාවේ ඔහුන් ඔබ වෙනුවෙන් PHP Sinhala Video Tutorials 50කට අධික ප්‍රමාණයක්‌ නිර්මාණය කර ඇත. ඉදිරියත් ඔහුන් තවත් PHP Sinhala Video Tutorials එකතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

2. Kuppiya

Kuppiya වෙබ් අඩවියත් ඉතා වටිනා PHP Sinhala Video Tutorials කිහිපයක් ඔබට තිලිණ කර ඇත. නමුත් ඔබ PHP ගැන කිසිම දෙයක් නොදනන කෙනෙක් නම් ඔබ Gurulk අඩවියෙන් පටන්ගෙන ඉන් පසුව මෙම අඩවියේ Videos බැලීම සුදුසුය.

English PHP Tutorials


1. W3Schools

වෙබ් අඩවි නිර්මාණය ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක් අනිවාර්යෙන් දන ගත යුතුම වෙබ් අඩවියක් ලෙස W3Schools වෙබ් අඩවිය හැදින්විය හැක. ඉතාමත් සරල ඉංග්‍රීසියෙන් ඔබට PHP මුල සිටම මෙම අඩවිය හරහා ඉගන ගත හැකිය.

2. PHPAcademy

PHPAcademy වෙබ් අඩවියද බොහෝ PHP Developers ලගේ ප්‍රියතම අඩවියකි. PHPAcademy අඩවියේ YouTube Channel එක හරහා ඔබට ඔහුන්ගේ videos නැරබිය හැක.

3. TheNewBoston

TheNewBoston අඩවිය සතුව PHP Videos 200 කට අධික ප්‍රමාණයක් තියනවා. ඉතින් ඔබට විශාල දැනුමක් ගන්න පුළුවන් එම videos වලිනුත්.

සාර්ථක PHP Developer කෙනෙක් වෙන්න අපගෙන් සුබපැතුම්!!!