Pages

Saturday, February 25, 2017

පරිගණකයේ ක්‍රියාකාරීත්වය පරික්ෂාකර බැලිය හැකි මෘදුකාංගයක්. Detecting Hardware Errors -( OCCT)


පරිගණකයේ ක්‍රියාකාරීත්වය පරික්ෂාකර බැලිය හැකි මෘදුකාංගයක්.

පරිගණකයක නිසි ක්‍රියාකාරීකත්වය කෙරෙහි සෘජුවම බලපාන හාඩ්වෙයා උපාංග 3 ක් වේ.


ඒවානම් ප්‍රොසෙසරය, ග්‍රැෆික් ප්‍රොසෙසරය, බල සැපයුම් ඒකකය වේ. මෙම මෘදුකාංගය මගින්  පරිගණකයේ හාඩ්වෙයා උපාංග වල යම් දෝෂයක් ඇත්දැයි පරික්ෂා කර බලා යම් දෝශයක් ඇත්නම් එය නිරාකරණය කරගැනීමට හැකියාව ඇත. එමනිසා මෙය ස්ට්‍රෙස් ටෙස්ට් (Stress Test) පරික්ෂා කිරීම ලෙස හැදින්වේ. මෙය ඉන්ස්ටෝල් කරගැනිමෙන් පසුව පහත පරිදි අතුරු මුහුණතක් දැකිය හැකිය.

මෙහි ඉහළ ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ප්‍රොසෙසරයේ මතක භාවිතය සහ ප්‍රොසෙසරයේ වේග භාවිතය, ප්‍රොසෙසරයෙන් විදුලිය භාවිතා කරන ආකාරය, ප්‍රොසෙසරයේ උෂ්ණත්වය වෙනස් වීමේ ස්වභාවය පිළබදවයි. පරිගණකයේ ඇති දෘඩාංග වල යම්කිසි අසමානතාවයක් පෙන්නුම් කරන්නේදැයි දැනගැනීමට නම් පරිගණකයේ කිසිදු වැඩක නිරත නොවී මිනිත්තු 15 ක් පමණ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර අදාළ ප්‍රත්තාර නිරීක්ෂණය කළ යුතුය.

තවද මෙහි ඇති Gpu:3D මගින් පරිගණකයේ ග්‍රැෆික් කාඩ් එකට අයත් සැකසුම් විමසිය හැක. මේ ආකාරයෙන් පරිගණකයේ දෘඩාංග නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පහසුවෙන්ම මෙම මෘදුකාංගය මගින් පරික්ෂා කර බැලිය හැකිය. මෘදුකාංගය බාගත කරගැනීමට මෙතනින් පිවිසෙන්න.

මෙවැනි වැදගත් දේ "Technology ගුරු" වෙතින්ම පමණයි.
දිගටම අප සමඟ රැදෙන්න..

No comments:

Post a Comment