Pages

Sunday, February 26, 2017

Nokia 3310 mobile phone - MWC 2017


නොකියා 3310 නිකුත්වෙයි.

ඊයේ දිනයේ නොකියා සමාගම MWC-2017 දී ඉදිරියේදී පැමිණෙන ස්මාර්ට් උපාංග හදුන්වා දුන්නා. මෙහිදී වැඩි අවධානයක් දිනාගත්තේ නොකියා 3310පොඩි ෆෝන් එකටයි.


අන්තර්ජාලය තුල මෙහි පෙනුමට විවිධ ආදේශ නිර්මාණ එකතුවූ අතර 2001 දී නිකුත්කල නොකියා 3310 ට හාත්පසින් වෙනස් සහ නව පෙනුමක් නව 3310ජංගම දුරකතනයට හිමි වෙනවා. බලන්න එහි ඡායාරූප කිහිපයක්.





මෙයද නොකියා නාමය සමඟ ගිවිසුමකට පැමිණි HMD සමාගමේ නිපැයුමකි. අවුරුදු 17 කට පසු නිකුත්වූ මෙහි 3G හෝ 4G නොමැත. 2.5G අන්තර්ජාල පහසුකම් මෙහි පවතී. මෙයට හේතුව බැටරියේ ආයුකාලය වැඩි කිරීමටයි.S30+ මෙහෙයුම් පද්ධතිය සමන්විතයි. පිටුපස මෙගාපික්සල් 2 ක කැමරාවක්ද, කලර් ඩිස්ප්ලේ එකක් ඇතුලත් වෙනවා. HMD සමාගම පවසන පරිදි මෙහි පැය22 කට වඩා වැඩි කාලයක් බැටරි ආයුකාලය පවතිනවා. හදුන්වාදෙන වීඩියෝව.


මෙහි මිල යූරෝ 49 කි. එනම් අපේ රටේ රු.8,000ක් පමණ වෙනවා. 

තවත් මෙවැනි නවතම Tech News ලබාගැනීමට දිගටම අප හා එක්වන්න..

"Technology ගුරු"

No comments:

Post a Comment